ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දීය සංචාරයකට එක්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
අද පෙරවරුවේ මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්වීය සබඳතා මෙන්ම අනාගතයේදී දෙරටටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා අභියෝගතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය x ගිණුමෙන් ප්‍රකාශ කරයි.